දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ආගමික විෂයයන් ඉගැන්වීම සඳහා පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-II ශ්‍රේණියට
1. ශ්‍රී ලංකා ගුරු සේවයේ සේවා ව්‍යවස්ථාවේ සටහන 06 අනුව අධ්‍යයන පොදූ සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව විෂයයක් වශයෙන් සමත් වී තිබිය යුතු ය.
2. අ.පො.ස.(උ.පෙළ)- විභාගයෙන් අවම වශයෙන් විෂයයන් තුනක් (පොදූ පරීක්ෂණය හා සාමාන්‍ය ඉංග්‍රීසි හැර-එකවර සමත් වී තිබිය යුතු ය.
3. ඉහත සුදූසුකම්වලට අමතරව අයදූම්පත් කැඳවන අවසාන දිනය වන 2018.09.28 දිනට පහත සුදූසුකම් සම්පූර්ණ කර තිබිය යුතු ය.
(අ- බුද්ධ ධර්මය විෂයය සඳහා බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත්වීම
(ආ- කතෝලික ධර්මය විෂයය සඳහා කතෝලික ධර්මාචාර්ය විභාගය සමත්වීම
(ඇ- ක්‍රිස්තියානි ධර්මය විෂයය සඳහා ක්‍රිස්තියානි ආගමික දැනුම පිළිබඳ ජාතික සහතික විභාගය සමත්වීම
(ඈ- හින්දූ ධර්මය විෂයය සඳහා හින්දූ ධර්මාචාර්ය විභාගය සමත්වීම
(ඉ- ඉස්ලාම් ධර්මය විෂයය සඳහා මෞලවී සහතිකය ලබා තිබීම
4. වයස් සීමාවඃ-
අයදූම්කරුවන් 2018.09.28 දිනට වයස අවුරුදූ 18 ට නොඅඩු වියයුතු අතර අවු. 35ට නොවැඩි විය යුතු ය.
5. අනෙකුත් අවශ්‍යතා :-
(I)- අයදූම්කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විය යුතුය.
(II)- අයදූම්කරුවන් විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය.
(III)- මෙම නිවේදනයේ සඳහන් අයදූම්පත් කැඳවීමේ අවසන් දිනට තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සියලූම සුදූසුකම් සම්පූර්ණ කර තිබිය යුතුය.
(IV)- සෑම අයදූම්කරුවකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් තනතුරෙහි රාජකාරි ඉටු කිරීමටත්ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය.
වැඩි විස්තර.......