Skip to main content

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකා තාක්ෂණ සේවයේපුහුණු කිරීමේ ශ්‍රේණියේ අඩවි වනනිලධාරි තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය- 2016 (2017)


(අයදුම් පත්‍රය සමග) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේශ‍්‍රී ලංකා තාක්ෂණ සේවයේපුහුණු කිරීමේ ශ්‍රේණියේ අඩවි වනනිලධාරි තනතුරුවලට බඳවා ගැනීමට සුදුසුකම් ඇති ශ‍්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අවසන් දිනය 2017.10.06

1. අධ්‍යාපන සුදුසුකම්.- 
සෑම අයදුම්කරුවෙකුම පහත සඳහන් අධ්‍යාපන සුදුසුකම් සතුටුදායක ලෙස සම්පූර්ණ කර තිබිය යුතු ය.

 (I) අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උසස් පෙළ) විභාගයේ දී ජීව විද්‍යාව හෝ කෘෂි විද්‍යාව සහිතව විෂයයන් තුනකින් (සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර) එකවර සමත් වී තිබීම
                       හෝ 
(II) පැරණි විෂය නිර්දේශය යටතේ සත්ත්ව විද්‍යාවඋද්භිත විද්‍යාවකෘෂි විද්‍යාවයන විෂයයන් අතරින් විෂයයන් දෙකක් සහිතව අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් විෂයයන් තුනකින් එකවර සමත් වී තිබීම. 
                       සහ 
(III)  සිංහල/දෙමළ/ඉංග‍්‍රීසි භාෂාව, ගණිතය, විද්‍යාව සහ තවත් එක් විෂයයකට සම්මාන සාමාර්ථයන් සහිතව එකවර විෂයයන් හයකින් (06) අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් සමත්ව තිබීම. 

2.වෙනත් සුදුසුකම් :
(I) ශ‍්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතු ය.
(II) අයදුම්කරුවන් විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතු ය.
(III) තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය 3හි සහ 4හි සඳහන් සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බවට අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ/ ගැසට් පත‍්‍රයේ සඳහන් කරනු ලබන දිනට එම සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතු ය.
(IV) සෑම අපේක්ෂකයෙකුම ශ‍්‍රී ලංකාවේ ඕනෑම ප‍්‍රදේශයක සේවය කිරීමටත් තනතුරේ රාජකාරි ඉටුකිරීමටත් ප‍්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතු ය.


3.
වයස් සීමාව .- 
ඉල්ලූම්පත් භාර ගන්නා අවසන් දිනට අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 30ට නොවැඩි විය යුතු ය.

4.
සේවයේ අනුයුක්ත කරවීමේ පොදු නියමයන් හා සේවා කොන්දේසි :

(I) 
මෙම තනතුර ස්ථිරය. විශ‍්‍රාම වැටුප් සහිතය. වැන්දඹු අනත්දරු විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට දායක මුදල් ගෙවිය යුතු ය.
(II) පත්වීම අවු. 03ක පරිවාස කාලයකට යටත් වේ.
(III) බඳවා ගනු ලබන්නේ පුහුණු කිරීමේ ශ්‍රේණියටය. පුහුණු කාලය දෙවසරකි.
(IV) අඩවි වනනිලධාරින්ගේ සේවා ස්ථාන දිවයිනේ වනගත ප‍්‍රදේශවල පිහිටි, දුෂ්කර සේවා ස්ථානවන අතර තෝරා ගනු ලබන අපේක්ෂකයින් දිවයිනේ නියෝග කරනු ලබන  ඕනෑම ප‍්‍රදේශයක සේවය කිරීමට සුදානම්ව සිටිය යුතු ය
(V) උතුරු හා නැගෙනහිර පළාත්වල පවත්නා අඩවිවන නිලධාරි පුරප්පාඩු (දෙමළ මාධ්‍ය) සම්පූර්ණ කිරීමේ දී අදාළ ප‍්‍රදේශවල පදිංචි, අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර ඇති සහ විභාගයෙන් සමත්වන දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ.
(VI) ශ‍්‍රී ලංකා තාක්ෂණ සේවාව පිළිබද ව්‍යවස්ථා සංග‍්‍රහයේ සහ ශ‍්‍රී ලංකා තාක්ෂණ සේවයේ අඩවි වනනිලධාරීන් බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටියේ (සංශෝධිත) වගන්ති අදාළ වනු ඇත.
(VII) ගැසට් පත‍්‍රයේ (2) ෙඡ්දයේ පළ කර ඇති රාජ්‍ය සේවයේ තනතුරුවලට පත් කිරීමේ දී අදාළ වන පොදු කොන්දේසි අදාළ වේ.
(VIII) විභාගය සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍යන්ගෙන් පැවැත්වේ. ඉල්ලූම් කරන මාධ්‍යය පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ.